Galleryyyy

posted in: Uncategorized | 0

 

 

 

 

 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යුඑන්ඩීපී) – පුහුණු වැඩමුළු

උඩවලව වැව
පින්නවල
සමනල වැව

Downloadssinha

posted in: Uncategorized | 0

ආකෘති පත්‍ර භාගත කිරීම්

ඛණිජ බදු ගෙවීම් ආකෘති පත්‍ර

ඖෂධ හා රසායන බදු  ගෙවීමේ ආකෘති පත්‍ර

බෝපත් ඇල්ල්
පුළුන් ඇල්ල
සිංහරාජ තෙත් බිම

History-sinhala

posted in: Uncategorized | 0

ශ්‍රී ලාංකීය බදු ක්‍රමයේ ඉතිහාසය.

මානව ශිෂ්ටාචාරයේ “රාජ්‍ය” යන සංකල්පය බිහිවීමත් සමඟම බදු ක්‍රමය ආරම්භ වී ඇති බව පෙනේ.අතීතයේ ලොව ජීවත් වූ මිනිසා තම ඉපයීම් වලින් කොටසක් රාජ්‍ය සඳහා ලබා දී ඇත.පුරාතනයේ සිට ලොව පැවති රාජ්‍යයන් විසින් රජයේ කාර්යයන් සඳහා ආදායම් ලබා ගැනීමට විවිධ බදු ක්‍රම ක්‍රියාත්මක කර ඇති බව දැකිය හැකිය.

ඓතිහාසික තොරතුරු අනූව ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ පටන් ක්‍රියාත්මක වූ සංවිධිත බදු ක්‍රමයක් පැවතී ඇත. ඓතිහාසික ශිලා ලේඛන හා සාහිත්‍ය මඟින් ක්‍රි.පූ. 03 වන සියවසේ සිට ශ්‍රී ලංකාවේ පැවති පැරණි බදු අය කටයුතු පිළිබඳ තොරතුරු හෙළිදරව් වේ.කන්ඩලම ප්‍රදේශයේ පිහිටි කොත්ගල්කන්ද සෙල්ලිපිය (ක්‍රි.පූ 250) , වසභ රජුගේ පෙරිමියන්කුලම සෙල්ලිපිය,​ IV වන මිහිඳු රජුගේ මිහින්තලා ශිලාලේඛණය, IV වන උදය රජුගේ බදුල්ල(හෝපිටිගම) ටැම් ලිපිය,නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරුව ගල්පොත ශිලාලේඛණය, I වන ගජබා රජුගේ ගොඩවාය සෙල්ලිපිය, මහා වංශය, සමන්තපාසාදිකාව, පූජාවලිය සහ රොබට් නොක්ස් විසින් රචිත ‘”An Historical Relation of the Island of Ceylon” නැමැති ග්‍රන්ථය වැනි සාහිත්‍ය ලේඛණ ඓතිහාසික ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය සම්බන්ධව තොරතුරු සපයන මූලාශ්‍රයන්ට නිදසුන් ලෙස දැක්විය හැකිය.

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතයට ගන්නා , ජලය මත පනවන ලද “දකපති” නම් වූ බද්ද ක්‍රි.පූ 03 වන සියවසේ සිට පැවතුන පැරණිම බදු ක්‍රමයක් වේ.දිය බෙදුම,දකබාග යන නමින්ද මෙම බද්ද හඳුන්වයි.රජුට අයත් ඉඩම් වල වගා කිරීම වෙනුවෙන් අයකළ ”බෝජකපති”  නම් බද්ද අතීතයේ පැවති ප්‍රධාන බද්දක් වේ. මීට අමතරව මඩරන් , මතරමජිබක , කැතිඅඩ , කෙටු කනබ , මහවර බද්ද , මෙලාඩ්සි බද්ද , නිල පඬුර සහ ඉරවරිය වැනි විවිධ බදු වර්ග අතීත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පැවතී ඇත.      

එකල බදු වශයෙන් රජයට නිෂ්පාදනයෙන් ක් ගෙවිය යුතු විය.අතීතයේදී දකපති,වන්නකු,භෝජකපති,මහා පටුලද්දා සහ තොට බොජක වැනි විවිධ නාමයන්ගෙන් හැඳින්වූ නිලධාරීන් බදු එකතු කිරීමේ කාර්යය සඳහා පත්කර තිබිණි.ගජබා රජුගේ (ක්‍රි.ව.114-134) ගොඩවාය ටැම් ලිපිය අනූව ගොඩපවත (අම්බලන්තොට) වරායේදී රේගු බදු පනවා ඇති අතර එහිදී තීරු බදු අය කිරීම සඳහා ‘මහා පටුලද්දා’ නැමැති නිලධාරියෙකු පත් කර තිබූ බව සඳහන් වේ.1681 වසරේදී රොබට් නොක්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ලංකාවේ ඓතිහාසික “සබඳතාවය” නැමැති ග්‍රන්ථය මගින් මහනුවර රාජධානි සමය තුළ පැවති විවිධ බදු වර්ග, විවිධ බදු අනුප්‍රමාණයන් සහ බදු එකතු කළ ආකාරයන් සම්බන්ධව බොහෝ තොරතුරු ලබා දෙයි.රොබට් නොක්ස්ට අනූව එකල වසරකට තෙවරක් බදු අයකර ඇත.  

පසුව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය මගින් එතෙක් පැවති බදු ක්‍රමයේ වෙනස් කිරීම් සිදු කරන ලදී. මරාල බද්ද,ඇඟ බද්ද,පොල් බද්ද,මහ බද්ද,තුවක්කු බද්ද,පාර බද්ද,බලු බද්ද සහ සෙරෙප්පු බද්ද වැනි බදු වර්ග යටත් විජිත පාලන කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එහෙත් මින් සමහර බදු වර්ග මහජනයාට මහත් පීඩාකාරී විය.කෙසේ නමුදු වර්තමාන බදු ක්‍රමය බ්‍රිතාන්‍ය පාලන සමයේදී හඳුන්වා දී ඇත.1932 අංක 02 දරණ ආදායම් බදු ආඥා පනත ශ්‍රී ලංකා බදු නීතියේ වැදගත් සංධිස්ථානයක් වන අතර එමගින් 1932 වසරේදී ආදායම් බද්ද හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බදු අයකිරීමේ ආයතනය වන ආදායම් බදු දෙපාර්තමේන්තුව එම වසරේදීම පිහිටුවනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදායම් බදු කොමසාරිස් වූයේ එන්.ජේ.හක්ස්හැම් මහතාය.

1909 අංක 22 දරණ මුද්දර බදු ආඥා පනත මගින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට මුද්දර බදු හඳුන්වා දෙනු ලැබීය.1933 වසරේ සිට මුද්දර බද්ද ආදායම් බදු දෙපාර්තමේන්තුව මඟින් අය කර ඇත.ඉන් පසුව වරින් වර පැවති බදු ක්‍රමය සංශෝධනය කර ඇති අතර විවිධ බදු අය කිරීමේ ආයතනද ස්ථාපිත කරනු ලැබ ඇති බව දැකිය හැකිය.

පළාත් ආදායම් දෙපාර්තමේන්තුව (සබරගමුව) ස්ථාපිත කිරීම.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලය බෙදා හැරීම මෙන්ම බදු ක්‍රමය සම්බන්ධයෙන්ද වැදගත් සංධිස්ථානයක් වේ.1987 වසරේදී සිදු කරන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයන ලදී.එසේම ඉහත ව්‍යවස්ථා සංශෝධනයේ 9වන උප ලේඛනයේ 1වන ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුව) 36:1 සිට 36:20 දක්වා වූ ආදායම් ප්‍රභව පළාත් සභා වෙත පවරා ඇත.මීට පෙර මෙම  ප්‍රභවයන්ගෙන් සමහර බදු , ගාස්තු සහ අයකිරීම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය කරනු ලැබීය.

සබරගමුව පළාත් සභාව විසින් සම්මත කර ගන්නා ලද 1990 අංක 06 දරණ සබරගමුව පළාතේ මුදල් ප්‍රඥප්තිය මගින් පළාත තුළ ආදයම් එකතු කිරීමේ කටයුතු පරිපාලනය සඳහා 1991 වසරේදී පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබීය.

1991 වසරේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමේදී එහි කාර්යය මණ්ඩලය 07 දෙනෙකු  වූ අතර මෙම නිලධාරීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කරගනු ලැබීය.සබරගමුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස් වූයේ ඒ.ඒ විජේපාල (1991) මහතාය. ඉන් පසු මේ දක්වා පත්වූ පළාත් ආදායම් කොමසාරිස්වරු පහත සඳහන් පරිදි වේ.

 

 

කාලපරිච්ඡේදය

කොමසාරිස්වරයාගේ නම

1993.01.01 – 2009.02.24

එම්.ඒ චන්ද්‍රපාල මයා.

2009.02.25 – 2011.01.29

එස්.ඒ. ආරියසේන මයා.

2011.02.23 – සිට මේ දක්වා

ජී.හෙට්ටිගේ මයා.

 

1990 අංක 06 දරණ  සබරගමුව පළාතේ මුදල් ප්‍රඥාප්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව 2001වසර දක්වා සබරගමුව පළාත තුළ බදු හා ගාස්තු පැනවීම හා එකතු කිරීම රත්නපුර පිහිටි ප්‍රධාන කාර්යාලය මගින් සිදු කරන ලදී. 2001 වසරේදී කෑගල්ල ප්‍රා‍‍‍දේශීය පළාත් ආදායම් කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු කෑගල්ල දිස්ත්‍රික්කය තුළ බදු හා ගාස්තු පරිපාලනය කිරීම එම කාර්යාලය විසින් සිදු කරනු ලැබේ.

මේ වන විට පහත සඳහන් බදු හා ගාස්තු පරිපාලනය කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

  1. මුද්දර බද්ද.
  2. ඖෂධ හා රසායන බද්ද.
  3. ඛනිජ බද්ද.